ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේදී ඊයේ සවස පස්වරුවේ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කළ,

නාමල් රාජපක්ෂ

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ විදියට ගමෙන් ගමට යන වැඩපිළිවෙළ අපි ආරම්භ කරනවා.ඒ සම්බන්ධයෙන් අපි අද සාකච්ඡා කළා. පෙබරවාරි මාසයේදී ශ්‍රී මහා බෝධිය වැඳ පුදාගෙන අපි ඒ වැඩ කටයුතු ආරම්භභ කරනවා.අපේ පරණ පාක්ෂිකයන්ට කතා කරන්න අපි තීන්දු කළා.අපි වෙනුවෙන් සටන් කරපු අභියෝග තියෙද්දිත් අපි වෙනුවෙන් පෙනී සිටපු ජනතාවට අපි කතා කරන්න තීරණය කළා.ඊයේ පාර්ලිමේන්තුවේ සිද්ධියත් එක්ක අද වෙනකොට කට උත්තර දෙන්නයි උසාවි යන්නයි සිදු වෙලා.system එක චේන්ජ් කරනවා කියලා ආපු අය අද තිබුණු තත්ත්වයටත් වඩා පහත් දේශපාලනයක් කරනවා.එහෙම නැත්නම් ජනාධිපතිතුමා අත්අඩංගුවට ගැනීම් ගැන දේශපාලන වේදිකාවේ කියන්නේ නෑ.සිරිසේන ජනාධිපතිතුමත් ඒ වගේ ප්‍රකාශ කළා. දේශපාලන දඩයමකට ආණ්ඩුව සූදානම් වෙන බව පැහැදිලියි.එවන් මර්දනයක් තුළින් අපේ දේශපාලන බලවේගය පාලනය කරන්න පුළුවන් කියලා මම විශ්වාස කරන්නේ නෑ.දේශපාලන දඩයමට මුහුණ දීම පිළිබඳව අපිට හොඳට පුරුදුයි.මීට වඩා දේශපාලන දඩයම් වලට අපි මුහුණ දීලා තිබෙනවා.හෙට මාව රක්ෂිත බන්ධනාගාර ගත කළත් අපේ දේශපාලන යාන්ත්‍රණය දුවනවා.අපේ තාත්තා බලාගන්න අපි සූදානම්. නමුත් තාත්තාට අවශ්‍ය ආරක්ෂාව ලබාදෙන්න සන්නද්ධ හමුදාවක් අපි සතුව නැහැ.ජනාධිපතිට හිමි නිවස සම්බන්ධයෙන් කාරණාව ව්‍යවස්ථාපිත කාරණාවක් ලිපියක් ලැබුණොත් නිවසෙන් ඉවත් වෙනවා.

ශෂේන්ද්‍ර රාජපක්ෂ

අපි අපේ දේශපාලන වැඩපිළිවෙළ අනුරාධපුරයෙන් ආරම්භ කරනවා.දේශපාලනය කරන්න ජේෂ්ඨයන්ම අවශ්‍ය නෑ.අලුත් මුහුණුවරකින් අපි වැඩකටයුතු ආරම්භ කරනවා. කරදර වෙන්න භය වෙන්න අපි වැරදි කරලා නෑ.පලි ගන්නවා ඇති .පලිගැනීම කියන්නේ දේශපාලනය නොවේ.පක්ෂයක් ලෙස අපිට සැලැස්මක් තිබෙනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී DV චානක/හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන් ප්‍රිය හේරත් සරත් වීරසේකර ද අදහස් පල කලා

What's your reaction?

Related Posts

1 of 563

Leave A Reply

Your email address will not be published. Required fields are marked *