ස්වර්ගස්ථ වූ අතිඋතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේගේ දේහය මධ්‍යම රෝමයේ ශාන්ත මේරි මේජොරි බැසිලිකාවේ මිහිදන් කළ බව වතිකානය නිවේදනය කළේ ය.
වතිකානයේ ශාන්ත පීතර් බැසිලිකාවේ පැවති අවසන් දේව මෙහෙයන් පසු ශුද්දෝත්තම පියතුමන්ගේ දේහය රිය පෙරහරකින් රෝමය වෙත රැගෙන ආවේ ය.
ස්වර්ගස්ත වූ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේගේ අවමංගල්‍ය කටයුතු ආගමික චාරිත්‍රවලට මුල්තැන දෙමින් සරල සහ චාම් ලෙස ආරම්භ කෙරුණේ, මෙරට වේලාවෙන් මධ්‍යහන 12 ට පමණයි.
වතිකානයේ සාන්ත පීතර බැසිලිකාවේ තැන්පත් කර තිබූ පාප් වහන්සේගේ දේහය තැන්පත් කර ඇති මුද්‍රා තැබූ දෙන,, අවමංගල්‍ය පෙරහැරකින් සාන්ත පීතර චතුරශ්‍රය වෙත රැගෙන ආවේ ඉන් අනතුරුවයි.
ඒ, මෙරට වේලාවෙන් අද පස්වරු 1.30 ට පමණයි.
යැදුම් මෙහෙය පැවැත්වුණේ, කාදිනල් ජියෝවානි බැටිස්ටා රේ හිමිපාණන්ගේ මෙහෙයවීමෙන්ය.

























