ස්වාධිනී අභිචෝදක කාර්යාලයක් ස්ථාපිත කිරීමේ මූලික සැලසුම් මේ වනවිට ආරම්භ කර ඇතැයි කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
මෙරට යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලියේ ඉදිරි පියවරක් බවට මෙම අභිචෝදක කාර්යාලය පිහිටුවීම පත්වනු ඇතැයිද හෙතෙම පැවසීය. නීතිපති දෙපාර්තමේන්තුවේ කටයුතුසිදු වන අතරම ඊට වඩා පුළුල් වපසරියක් සහිත යුක්තියක් පසිඳලීම මෙම කාර්යාලය හරහා සිදු වන බවද කීය.
අද(11) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.
එම කමිටුව සඳහා නීතිපතිවරයා හෝ නීතිපතිවරයා විසින් නම් කරන නියෝජිතයින් දෙදෙනෙක්, අධිකරණ අමාත්‍යංශයේ ලේකම්, අධිකරණ සේවයේ උක්ත විෂය සම්බන්ධයෙන් ප්‍රාමාණික දැනුමක් ඇති ජ්‍යෙෂ්ඨ විනිසුරුවරයෙකු, ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපතිවරයා හෝ සභාපතිවරයා විසින් නම් කරන නියෝජිතයෙකුගෙන් සමන්විත වන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
යෝජිත ස්වාධීන අභිචෝදක කාර්යාලය ස්ථාපිත කිරීම සම්බන්ධයෙන් මෙම කමිටුව විසින් මුලික සැලසුම් සිදු කරනු ඇති බව අධිකරණ අමාත්‍යංශය පවසයි.
එහි මුලික සංකල්ප පත්‍රිකාව කෙටුම්පත් කිරීමෙන් අනතුරුව මහජනතාවගේ සහ සිවිල් සංවිධානවල අදහස් ලබා ගැනීම සිදු කිරීමට කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවද කීය