බංගලාදේශ තානාපති කාර්යාලය සංවිධානය කරන ජාත්‍යන්තර මව් භාෂා දිනය (IMLD) 2025 මෙවර අග්‍රාමාත්‍ය හරිනි අමරසුරිය මහත්මියගේ ප්‍රධානත්වයෙන් නිදහස් චතුරශ්‍රයේදී පැවැත්වීණි. සම්ප්‍රදාය අඛණ්ඩව ඉදිරියට ගෙන යමින්, ශ්‍රී ලංකා අධ්‍යාපන අමාත්‍යාංශය: එක්සත් ජාතීන්ගේ සංවිධානය, සහ ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමය සහ ප්‍රාදේශීය පාසල් සිසුන් සම්බන්ධ කර ගනිමින් මෙවරත් මෙම උත්සවය සංවිධානය වී තිබුණි.
මෙවර එහි තේමාව වනුයේ “සාමය සහ සමගිය සඳහා භාෂාව” යන්නයි. ළමා නිර්මාණ තරඟාවලියේ ජයග්‍රාහකයින් සඳහා සම්මාන ප්‍රදානය කිරීම, නිර්මාණාත්මක ලේඛන සහ කෙටි වීඩියෝ නිර්මාණ තරඟාවලිය,සදහා සහතික පත් ප්‍රධානය කිරීමද මෙහිදී සිදුවිණි. එහිදී ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගී වූ අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන ඇමතිනී ආචාර්ය හරිනි අමරසූරිය මැතිනිය අදහස් දක්වමින්,
2000 වසරේ සිට සෑම වසරකම යුනෙස්කෝව සහ එහි සාමාජික රටවල් පෙබරවාරි 21 වන දින ජාත්‍යන්තර මව් භාෂා දිනය (IMLD) ලෙස ගෝලීය වශයෙන් සමරනවා. බංගලාදේශයේ මව් භාෂාව ආරක්ෂා කිරීමේ අද්විතීය ඉතිහාසය සහ භාෂාමය විවිධත්වය සහ බහු සංස්කෘතිකත්වය සඳහා එහි ගැඹුරු කැපවීම මෙම පිළිගැනීමට ඉවහල් වුණා.
බංගලාදේශයේ ජාතික භාෂාව වශයෙන් උර්දු භාෂාව ප්‍රකාශයට පත් කිරීමට එරට රජය 1952 දී තීරණය කිරීමත් සමඟ ඊට විරුද්ධ ව උද්ඝෝෂණ සහ විරෝධතා ඇති වුණා. එම සටනේ දී බංගලාදේශ ශිෂ්‍යයන් රැසකගේ ජීවිත අහිමි වූ අතර පසුකාලීන ව බංගලා භාෂාව එරට ජාතික භාෂාව බවට පත් කරන ලද අතර 1999 දී යුනෙස්කෝ සංවිධානය විසින් සෑම වසරක ම පෙබරවාරි 21වන දින ජාත්‍යන්තර මාතෘ භාෂා දිනය වශයෙන් නම් කළා.
භාෂාවක් යනු හුදු සන්නිවේදන උපකරණයක් පමණක් නොව එම ජනතාවගේ භාෂණය, ජන සංස්කෘතිය, සාහිත්‍ය සහ දාර්ශනික දැක්ම, උත්සව, චාරිත්‍ර වාරිත්‍ර, කලාකෘති ආදී සියල්ල සමඟ තදින් බැඳී තිබෙනවා. භාෂා ප්‍රතිපත්ති අපේ රටේ සමාජ, දේශපාලන ගැටුම් සහ සංහිඳියාව ආදී කරුණු පිළිබඳ තීරණාත්මක කාර්යභාර්යයක් ඉටු කළා.
සෑම ජන කොටසකට ම තමන්ගේ භාෂාව කතා කරන්නට, එයින් සන්නිවේදනය කරන්නට සහ ඔවුන්ගේ පුරුෂාර්ථයන් කරා යාමට අප අවස්ථාව ලබා දිය යුතු යි. එමෙන් ම ශක්තිමත් අන්තර් සම්බන්ධතාවයන්, සාමය සහ සහජීවනයේ ලා භාෂාවේ කාර්යභාර්යය සුවිශේෂී බව ද සඳහන් කළ යුතු යි.
දේශීය සහ ගෝත්‍රික ජනතාවගේ භාෂාව යනු ඔවුන්ගේ දැනුම් පද්ධතියේ මූලික ම උපාංගයක් බව අප සිහි තබාගත යුතු යි. ආදිවාසී සහ ගොත්‍රික භාෂාවන්, ශ්‍රී ලංකාවේ වැද්දන්ගේ භාෂාව වැනි භාෂා තුළින් ඔවුන්ගේ වෙදකම, කෘෂිකර්මාන්තය ආදී දැනුම් සහ හර පද්ධතීන් ගලාගෙන යනවා. ඒවා දියවී යන්නට ඉඩ නොදිය යුතු යි. අද වැදි ජනතාව තමන් ජීවත්වන ප්‍රදේශයන්ට අනුව සිංහල හෝ දෙමළ වැඩි වශයෙන් කතා කරන්නට පෙළඹුණු තත්ත්වයකට පත්වෙලා තිබෙනවා. මේ භාෂා වියැකිලා යනවා කියන්නේ ඒ ආශ්‍රිත දැනුම් පද්ධතීන් ද නැති වී යන බව අප තේරුම්ගත යුතු යි.
දකුණු ආසියාව කියන්නේ භාෂා දහස් ගණනකට මව්බිමක්. යනුවෙන් ද පැවසී ය. මෙම අවස්ථාව සඳහා බංගලාදේශ මහකොමසාරිස් අන්දාලිබ් එලියාස් (Mr.Andalib Elias) මහතා ඇතුළු රාජ්‍ය තාන්ත්‍රිකයින්, රාජ්‍ය නිලධාරීන් ඇතුළු පිරිසක් ද සහභාගී වූහ