අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් යූටියුබ් කරුවකූ වන සුදත්ත තිලකසිරි මහතාට එරෙහිව හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා විසින් ගොනුකර තිබූ පෙත්සම සලකා බැලීම සඳහා දෙසැම්බර් මස 02 වන දා කැඳවන ලෙස අභියාචනාදීකරණය අද නියෝග කළා. මෙම පෙත්සම අද අභියාචනාදීකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා. එහිදී දෙපාර්ශවයේ නීතිඥවරු අධිකරණයට දැනුම් දුන්නේ මෙම පෙත්සම සමථයට පත් කිරීමට තිබෙන හැකියාව පිළිබඳ සොයා මීලග දින අධිකරණයට දැනුම් දෙන බවයි. ඒ අනුව මෙම පෙත්සම දෙසැම්බර් මස 02 වනදා යලි කැඳවන ලෙස අභියාචනාධිකරණය නියෝග කළා. සුදත්ත තිලකසිරි මහතා සිය යූටියුබ් නාලිකාව ඔස්සේ පළ කළ අදහස් වලින් අධිකරණයට අපහාසයක් සිදු වී ඇති බවත් ඒ අනුව ඔහු සම්බන්ධයෙන් විභාගයක් පවත්වා සුදුසු දඬුවම් ලබාදෙන ලෙසත් ඉල්ලා හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණා.