හාලිඇල නගරයේ ස්ථාන දෙකක පුද්ගල මළ සිරුරු දෙකක්..

බදුල්ල හාලිඇල ප්‍රදේශයේ ස්ථාන දෙකක තිබී  පුද්ගලයින් දෙදෙනෙකුගේ මළ සිරුරු හමු වී තිබේ.

ඉන් එක් අයෙකුගේ සිරුරක් හාලිඇල නගරයේ කැටවල මාර්ගයේ කාණුවක තිබී සොයා ගැනිණ.

අනෙක් සිරුර සොයා ගැනුණේ, හාලිඇල – බණ්ඩාරවෙල මාර්ගයේ දුම්රියපොළ ආසන්නයේ ඇති මාර්ගයක තිබියදීයී.

මියගිය පුද්ගලයින් අවුරුදු 49 සහ 61 යන වයස්වල පසුවන්නන්.

ඔවුන් මියයාමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, පශ්චාත් මරණ පරික්ෂණය සඳහා මෘත ශරීර බදුල්ල රෝහලේ තැන්පත් කර ඇත.

What's your reaction?

Related Posts

1 of 1,141

Leave A Reply

Your email address will not be published. Required fields are marked *