හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහ සහ මෙරට ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා අතර විශේෂ සාකච්ඡාවක් කොළඹ මල්පාරේ පිහිටි හිටපු ජනාධිපතිවරයාගේ දේශපාලන කාර්යාලයේදී පවත්වා තිබේ.මෙම අවස්ථාව සඳහා ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයේ දේශපාලන කටයුතු භාර නිලධාරී රාම් බාබු ද එක්ව ඇත. මෙහිදී දෙරට අතර සබඳතා සහ කාලීන කරුණු සම්බන්ධයෙන් අදහස් හුවමාරු වී ඇති බව සඳහන් වේ.



























