හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ සහ ඔහුගේ බිරිඳ යළි රිමාන්ඩ්

නීතිවිරෝධී ලෙස එකලස් කළ ලියාපදිංචි නොකළ සුඛෝපභෝගී මෝටර් රථයක් සන්තකයේ තබා ගැනීමේ චෝදනාවට අදාළව හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ සහ ඔහුගේ බිරිඳ නොවැම්බර් 18 දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

ඒ ඔවුන් අද (07) නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මෙම සිද්ධියට අදාළව පසුගිය මස 31 වැනිදා සහ ඔහුගේ බිරිඳ පසුගිය 04 වැනිදා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

What's your reaction?

Related Posts

1 of 1,205

Leave A Reply

Your email address will not be published. Required fields are marked *