2025 උසස් පෙළ විශ්වවිද්‍යාල ලියාපදිංචිය මේ සතියේදී ඇරඹේ

2025 වසරේ උසස් පෙළ විභාග ප්‍රතිඵල මත විශ්වවිද්‍යාල සඳහා තෝරාගත් සිසුන් ලියාපදිංචි කිරීමේ කටයුතු මෙම සතිය තුළ ආරම්භ වන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසයි.​මෙවර විභාගයට පෙනී සිටි සිසුන් 281,810 දෙනාගෙන් 176,570ක් මූලික සුදුසුකම් සපුරා ඇති අතර, ඒ අතරින් සිසුන් 41,746 දෙනෙකු පාඨමාලා 130කට වැඩි සංඛ්‍යාවක් සඳහා විශ්වවිද්‍යාල ප්‍රවේශය හිමි කරගෙන ඇත.​නව පාඨමාලා දෙකක් ද මෙවර හඳුන්වා දී තිබෙන අතර, ඒ යටතේ භූගෝලීය තොරතුරු පද්ධති අධ්‍යයන පාඨමාලාව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේදී සහ ඉලෙක්ට්‍රොනික හා බුද්ධිමය පද්ධති ඉංජිනේරු විද්‍යාව පාඨමාලාව රුහුණ විශ්වවිද්‍යාලයේදී සිසුන් 50 බැගින් බඳවා ගනිමින් ආරම්භ කිරීමට නියමිතය.

What's your reaction?

Related Posts

1 of 1,268

Leave A Reply

Your email address will not be published. Required fields are marked *