පසුගිය වසරේ (2025) පෙබරවාරි මාසයේදී පවත්වන ලද අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල අද (26) දින නිකුත්කර තිබේ. ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියට පිවිසීමෙන් තම විභාග අංකය හෝ ජාතික හැඳුනුම්පත් අංකය මඟින් සිසුන්ට ප්‍රතිඵල පරීක්ෂා කරගත හැකිය.මෙම ප්‍රතිඵල සම්බන්ධයෙන් යම් ගැටලුවක් හෝ විමසීමක් පවතී නම්, විභාග දෙපාර්තමේන්තුවේ පාසල් විභාග සංවිධාන හා ප්‍රතිඵල ශාඛාවේ 1911 ක්ෂණික ඇමතුම් අංකය හරහා හෝ 0112 784208, 0112 784537 සහ 0112 785922 යන දුරකථන අංක ඔස්සේ තොරතුරු ලබාගත හැකි බව විභාග දෙපාර්තමේන්තුව දන්වා සිටියි.



























