2026 උසස් පෙළ උපකාරක පන්ති අගෝස්තු 4 මධ්‍යම රාත්‍රියෙන් තහනම්

2026 වසරේ උසස් පෙළ විභාගයට අදාළ සියලුම උපකාරක පන්ති, සම්මන්ත්‍රණ, වැඩමුළු සහ විෂයානුබද්ධ දේශන පැවැත්වීම අගෝස්තු මස 04 වන දින මධ්‍යම රාත්‍රියේ සිට සම්පූර්ණයෙන්ම අත්හිටුවිය යුතු බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත. විභාග කාල සීමාව අවසන් වන තෙක් ක්‍රියාත්මක වන මෙම නීතිය යටතේ, අනුමාන ප්‍රශ්න පත්‍ර මුද්‍රණය කර බෙදාහැරීම මෙන්ම විභාගයට නිශ්චිත ප්‍රශ්න ලබාදෙන බවට පෝස්ටර්, බැනර් හෝ අත්පත්‍රිකා මගින් ප්‍රචාරය කිරීමද දැඩි ලෙස තහනම් කර තිබේ.​මෙම වසරට අදාළ උසස් පෙළ විභාගය අගෝස්තු 10 වන දින සිට සැප්තැම්බර් 05 වන දින දක්වා දිවයින පුරා පිහිටි මධ්‍යස්ථාන 2,532 කදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇත. නියමිත දිනට පෙර සියලුම පන්ති සහ ප්‍රචාරක කටයුතු නතර කරන ලෙස විභාග දෙපාර්තමේන්තුව සංවිධායකයින්ට සහ පාර්ශ්වකරුවන්ට දැඩිව උපදෙස් දී තිබේ.

What's your reaction?

Related Posts

1 of 1,265

Leave A Reply

Your email address will not be published. Required fields are marked *