2026 මහනුවර ඇසළ පෙරහැරේ නිල කාලසටහන නිකුත් වෙයි

ශ්‍රී ලංකාවේ ප්‍රධානතම ආගමික මෙන්ම සංස්කෘතික මංගල්‍යය වන මහනුවර ඇසළ පෙරහැර මෙවරත් ඉමහත් උත්කර්ෂවත් අයුරින් පැවැත්වීම සඳහා ශ්‍රී දළදා මාලිගාව විසින් 2026 වසරේ නිල කාලසටහන මේ වන විට නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබේ.​ඒ අනුව, පළමු කුඹල් පෙරහැර අගෝස්තු මස 18 වන දින වීථි සංචාරය ආරම්භ කරන අතර, කුඹල් පෙරහැර මාලාව අගෝස්තු 22 වන දින දක්වා අඛණ්ඩව පැවැත්වීමට නියමිතය. ඉන් පසුව, ප්‍රධාන රන්දෝලි පෙරහැර මාලාව අගෝස්තු 23 වන දින ආරම්භ වන අතර, ඊට අදාළ රාත්‍රී පෙරහැර හතරක් සාර්ථකව විථි සංචාරය කරනු ඇත.​මෙම මංගල්‍යයේ කූටප්‍රාප්තිය සනිටුහන් කරමින් මහා රන්දෝලි පෙරහැර අගෝස්තු 27 වන දින පැවැත්වෙන අතර, අගෝස්තු 28 වන දිනට යෙදී ඇති දියකැපුම් මංගල්‍යය සහ ඉන් අනතුරුව පැවැත්වෙන දිවා පෙරහැරින් 2026 ඇසළ උත්සවය සාර්ථකව නිමාවට පත්වනු ඇත.

What's your reaction?

Related Posts

1 of 1,264

Leave A Reply

Your email address will not be published. Required fields are marked *