2027 මුදල් වර්ෂය සඳහා ජාතික ජන බලවේග රජය විසින් ඉදිරිපත් කරන ලද අයවැය යෝජනාවලියේ දෙවන වර කියවීමේ විවාදය අද (18) පස්වැනි දිනටත් පාර්ලිමේන්තුවේදී පැවැත්වේ. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පසුගිය නොවැම්බර් 12 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ මෙම අයවැය, වත්මන් රජයේ තෙවැනි අයවැය ලේඛනයයි.නොවැම්බර් 13 වැනිදා ආරම්භ වූ දෙවන වර කියවීමේ විවාදය දින හතක් පුරා පැවැත්වෙන අතර, ඊට අදාළ ඡන්ද විමසීම නොවැම්බර් 20 වැනිදා පස්වරු 6.00ට පැවැත්වීමට නියමිතය. අනතුරුව නොවැම්බර් 21 සිට දෙසැම්බර් 14 දක්වා දින 19ක් පුරා කාරක සභා අවස්ථාවේ විවාදය පැවැත්වෙන අතර, 2027 අයවැය පිළිබඳ අවසන් ඡන්ද විමසීම දෙසැම්බර් 14 වැනිදා පස්වරු 6.00ට සිදු කිරීමට කටයුතු යොදා ඇත.



























