2027 වර්ෂය සඳහා ඉදිරිපත් කර ඇති අයවැය යෝජනාවලට විරෝධය පළ කරමින් රාජ්‍ය අංශයේ වෘත්තීය සමිති කිහිපයක් අද (16) දිනයේ වැඩවර්ජන සහ විරෝධතා ක්‍රියාමාර්ග ආරම්භ කිරීමට තීරණය කර තිබේ.මේ අතර, වාරිමාර්ග තාක්ෂණික සහකාර නිලධාරීන්ගේ සංගමය ඊයේ (15) මධ්‍යම රාත්‍රියේ සිට සිය රාජකාරිවලින් ඉවත් වෙමින් දෙදින අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කර ඇත.දිවයින පුරා සේවය කරන 450කට අධික වාරිමාර්ග තාක්ෂණික සහකාර නිලධාරීන් දැඩි අසාධාරණයකට ලක්ව ඇති බව එම සංගමයේ සභාපති සමන් තුෂාර වෛද්‍යරත්න මහතා සඳහන් කළේය. දිවා රාත්‍රී නොබලා අඛණ්ඩ ක්ෂේත්‍ර රාජකාරිවල නිරත වුවද, තම පෞද්ගලික මුදලින් ඉන්ධන වියදම් දැරීමට සිදුව තිබීම ඔවුන්ගේ ප්‍රධාන ගැටලුවක් බව ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේය.



























