ශ්‍රී ලංකාවට ඊසාන දෙසින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය මේ වන විට ‘ගැඹුරු පීඩන අවපාතයක්’ දක්වා වර්ධනය වී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඊයේ (15) රාත්‍රී 11.30 වන විට මෙම පද්ධතිය ත්‍රිකුණාමලයට කිලෝමීටර් 640ක් පමණ ඊසාන දෙසින් ස්ථානගතව පැවතුණි.මෙම පද්ධතිය තවදුරටත් දිවයිනෙන් ඉවතට ගමන් කරමින් අද (16) සවස් කාලය වන විට ‘සුළි කුණාටුවක්’ බවටත්, හෙට (17) වන විට බටහිර-මධ්‍යම බෙංගාල බොක්ක ආශ්‍රිතව ‘චණ්ඩ සුළි කුණාටුවක්’ බවටත් වර්ධනය වීමට බොහෝ දුරට ඉඩ ඇත. කෙසේ වෙතත්, දිවයින පුරා දැනට පවතින වැසි තත්ත්වය අද දිනයේ සිට ක්‍රමයෙන් අඩු වනු ඇතැයි අපේක්ෂා කෙරේ.බස්නාහිර, සබරගමුව, වයඹ සහ දකුණු පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකිය. මීට අමතරව ඌව පළාතේ සහ අම්පාර දිස්ත්‍රික්කයේ ස්ථාන කිහිපයක පස්වරු 2.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වීමේ හැකියාවක් පවතී.



























