රනිල්ගේ වික්‍රම සිංහගේ හදිසි නීති රෙගුලාසි නිසා මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වීමක් සිදුවී ඇති බව ශේෂ්ඨාද කරණය කියයි.

එවකට වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් 2022 ජූලි 17 වන දින විරෝධතාකරුවන් පාලනය කිරීම සඳහා මහජන ආරක්ෂක පනත යටතේ රට පුරා ප්‍රකාශයට පත් කරන ලද හදිසි නීති රෙගුලාසි මගින් මූලික මානව හිමිකම් උල්ලංඝනය වී ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර ඇත.

මහජන ආරක්ෂක පනතේ 02 වන වගන්තිය යටතේ වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් නිකුත් කරන ලද හදිසි නීති රෙගුලාසි අත්තනෝමතික සහ බල රහිත බව ශ්‍රේෂ්ඨාධිකරණයේ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ බහුතරයක් තීන්දු කළහ.

අගවිනිසුරු මුර්දු ප්‍රනාන්දු සහ යසන්ත කෝදාගොඩ යන විනිසුරුවරුන්ගෙන් බහුතරයක් මෙම තීන්දුව ලබා දුන්හ.

කෙසේ වෙතත්, ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ සාමාජිකයෙකු වන අර්ජුන ඔබේසේකර විනිසුරුවරයා තම තීන්දුව ප්‍රකාශයට පත් කරමින් කියා සිටියේ වැඩබලන ජනාධිපතිවරයාගේ හදිසි නීතිය ප්‍රකාශ කිරීම මූලික මානව හිමිකම් උල්ලංඝනය නොකරන බවයි.

විකල්ප ප්‍රතිපත්ති මධ්‍යස්ථානය, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ හිටපු කොමසාරිස් අම්බිගා සත්කුනනාදන් සහ ලිබරල් තරුණ ව්‍යාපාරය මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනු කර තිබුණි.

What's your reaction?

Related Posts

1 of 771

Leave A Reply

Your email address will not be published. Required fields are marked *