EPF අරමුදල සුරක්ෂිත කරමින් සේවකයින්ට උපරිම ප්‍රතිලාභ ලබාදෙන බවට සහතිකයක්

සේවක අර්ථසාධක අරමුදල (EPF) ආරක්ෂා කරමින් පෞද්ගලික අංශයේ සේවකයන්ට හිමි විය යුතු සැබෑ ප්‍රතිලාභ උපරිමයෙන් ලබාදීමට රජය විධිමත් වැඩපිළිවෙළක් සකස් කරමින් සිටින බව අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසයි. ජාතික ජන බලවේගයේ වෘත්තීය සමිති ජාතික සමුළුව අමතමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.​රුපියල් ට්‍රිලියන 6ක වටිනාකමකින් යුත් EPF අරමුදලේ වත්කම්වලින් සියයට 95ක් පමණ දැනටමත් භාණ්ඩාගාර බැඳුම්කර හරහා රජය ලබාගෙන ඇති බව පෙන්වා දුන් අමාත්‍යවරයා, අරමුදලේ සැබෑ අයිතිකරුවන් වන වැඩකරන ජනතාවගේ විශ්‍රාම දිවිය තවදුරටත් සුරක්ෂිත කිරීම රජයේ වගකීම බව අවධාරණය කළේය.​මේ සඳහා වන විශේෂ යෝජනාවක් කම්කරු අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත මහතා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇති අතර, ජාතික කම්කරු උපදේශක සභාවේ සාකච්ඡා සහ පත්කර ඇති කමිටුව හරහා කම්කරු නීති සංශෝධනය කරමින් මෙම තීරණ ගන්නා බවද හෙතෙම වැඩිදුරටත් පැවසීය.

What's your reaction?

Related Posts

1 of 1,412

Leave A Reply

Your email address will not be published. Required fields are marked *