SLS ප්‍රමිති ලාංජනය හොරට යෙදු පානීය ජල බෝතල් 6,800 ක් විනාශ කිරීමට පාරිභෝගික කටයුතු අධිකාරිය පියවර ගෙන තිබෙන අතර පසුගිය ඔක්තෝම්බර් මස සිදුකරන ලද වැටලීමකට අදාළව සිදුකරනු ලැබූ නඩු පැවරීමකදී, ශ්‍රී ලංකා ප්‍රමිති ලාංජනය ව්‍යාජ ලෙස මුද්‍රණය කරන ලද යම් වෙළද නාමයක් සහිත පානීය ජල බෝතල් නිෂ්පාදනය කරමින් වෙළදපොලට නිකුත් කිරීමට පූගොඩ දන්ගල්ල ප්‍රදේශයේ පුද්ගලික සමාගමක් කටයුතු කර තිබුණි.
ඒ අනුව එම සමාගමට සහ එහි බදු ගැනුම්කාර සමාගමේ අධ්‍යක්ෂකවරයකු මෙන්ම කළමනාකරුවකුට රුපියල් ලක්ෂය බැගින් ලක්ෂ තුනක දඩ මුදල් නියම කිරීමට අධිකරණය නියම කර තිබේ.
එසේ නිෂ්පාදනය කර තිබු රුපියල් මිලියනයකට අධික වෙළදපොළ වටිනාකමක් සහිත පානීය ජල බෝතල් තොගය අධිකරණයේ අධීක්ෂණය යටතේ විනාශ කිරීමට පුගොඩ මහෙස්ත්‍රාත් අධිකරණය මගින් පසුගියදා නියම කරනු ලැබූ අතර පසුගිය 20 වැනි දින අදාළ පානීය ජල බෝතල් තොගයෙන් ජලය ඉවත්කර හිස් බෝතල් ප්‍රතිචක්‍රීකරණය සදහා යොමු කරනු ලැබීය.
තවද අදාළ සමාගමට ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ SLS ලාංඡනය ව්‍යාජ ලෙස යොදා ගනිමින් අසත්‍ය නියෝජනයක් සිදු කර පාරිභෝගිකයා නොමග යැවීම හේතුවෙන් චෝදනා දෙකක් යටතේ නඩු පැවරීමටත් පියවර ගෙන තිබේ.