අගමැතිනිය CHOGM සමුළුව නිමා කරමින් යළි දිවයිනට

ඇන්ටිගුවා සහ බාබියුඩා හි පැවැත්වුණු 28 වැනි පොදුරාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුවට (CHOGM) සහභාගී වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය අද (07) පස්වරුවේ යළි දිවයිනට පැමිණියාය. කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ඔස්සේ ඇය ඇතුළු නියෝජිත පිරිස මෙලෙස පැමිණි බව වාර්තා වේ.​මෙම සමුළුව අතරතුරදී ගෝලීය ආර්ථික අභියෝග, සංවර්ධන ප්‍රමුඛතා මෙන්ම පොදු ගැටලු හමුවේ සාමාජික රටවල් අතර සහයෝගීතාව වර්ධනය කර ගැනීම පිළිබඳව අග්‍රාමාත්‍යවරිය රාජ්‍ය නායකයන් සමඟ දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇත.​මීට අමතරව, ශ්‍රී ලංකාව සහ අනෙකුත් පොදුරාජ්‍ය මණ්ඩලයීය රටවල් අතර ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීමේ අරමුණින් ඇය නායකයන් සහ නියෝජිතයන් කිහිපදෙනෙකු සමඟ විශේෂ ද්විපාර්ශ්වික හමුවීම්වලට ද එක්වූවාය.

What's your reaction?

Related Posts

1 of 1,412

Leave A Reply

Your email address will not be published. Required fields are marked *