අග්බෝ ඇතා සොයා ගැනීමේ කටයුතු කඩිනම් කිරීමේ අරමුණින් පරිසර අමාත්යවරයා සහ ආරක්ෂක අමාත්යාංශයේ ලේකම්වරයා අතර විශේෂ සාකච්ඡාවක් පවත්වන ලදී.මෙම සාකච්ඡාවෙන් අනතුරුව, ආරක්ෂක අමාත්යාංශයේ ලේකම්වරයාගේ උපදෙස් පරිදි අග්බෝ ඇතා සිටින ස්ථානය හඳුනාගෙන ඔහුගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා විශේෂ හමුදා කණ්ඩායමක් ක්ෂේත්රයට පිටත් කර යවා ඇත.වන අලි සම්පත ආරක්ෂා කිරීමේ ජාතික වැදගත්කම සැලකිල්ලට ගනිමින්, අදාළ රාජ්ය ආයතනවල පූර්ණ සහයෝගය ඇතිව මෙම මෙහෙයුම අඛණ්ඩව ක්රියාත්මක කරනු ලැබේ.



























