අගෝස්තු 8 වැනිදා සිට රට පුරා ‘අත්තම’ වැඩසටහන ක්‍රියාත්මකයි

රාජ්‍ය, පෞද්ගලික මෙන්ම ස්වේච්ඡා සංවිධාන එකතු කරමින් දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට නියමිත විශේෂ ‘අත්තම’ වැඩසටහන මෙම මස 8 වැනි දින ආරම්භ වන බව අමාත්‍ය ආචාර්ය චන්දන අබේරත්න මහතා පවසයි.​’ක්ලින් ශ්‍රී ලංකා’ වැඩසටහනට සමගාමීව ක්‍රියාත්මක වන මෙය, ශ්‍රී ලංකා යුද හමුදාව විසින් ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කරන ලද සංකල්පීය වැඩපිළිවෙළක් මත පදනම්ව සකස් කර ඇත.​මෙම ව්‍යාපෘතිය යටතේ සෑම මසකම අවසන් සෙනසුරාදා දිනයේදී දිවයිනේ සියලුම ගම්මාන ආවරණය වන පරිදි විවිධ සංවර්ධන හා ශ්‍රමදාන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට නියමිත බව අද (03) පැවති මාධ්‍ය හමුවකදී අනාවරණය විය.

What's your reaction?

Related Posts

1 of 1,268

Leave A Reply

Your email address will not be published. Required fields are marked *