ගෝඨාභය රාජපක්ෂගේ රිට් පෙත්සම් නියෝගය සැප්තැම්බර් 22 දිනට

පාස්කු ප්‍රහාර විමර්ශන සම්බන්ධයෙන් තමන් අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් ඉල්ලා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ රිට් පෙත්සම විභාග කිරීම අභියාචනාධිකරණයේදී අද (03) අවසන් විය.​පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරයා ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චිත නඩු තීන්දු උපුටා දක්වමින් සිය පිළිතුරු දේශන ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, සියලු පාර්ශ්වයන්ගේ වාචික දේශන අවසන් කෙරුණි.​ඒ අනුව, පෙත්සම විභාගයට අවසර දීම සහ අතුරු තහනම් නියෝගයක් නිකුත් කිරීම සම්බන්ධයෙන් වන සිය තීන්දුව සැප්තැම්බර් 22 වන දින ප්‍රකාශයට පත් කරන අතර, අදාළ පාර්ශ්වයන්ට අවශ්‍ය ලිඛිත දේශන මෙම මස 31 වන දිනට පෙර ගොනු කරන ලෙසද නියම කළේය.

What's your reaction?

Related Posts

1 of 1,268

Leave A Reply

Your email address will not be published. Required fields are marked *