මෙම මස සඳහා ලිට්‍රෝ ගෑස් මිල ගණන් වල කිසිදු සංශෝධනයක් සිදු නොකිරීමට ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම තීරණය කර ඇත. ඒ අනුව, අගෝස්තු මාසය තුළදී ද පෙර පැවති මිල ගණන් යටතේම පාරිභෝගිකයන් වෙත ගෑස් සිලින්ඩර ලබා දීමට කටයුතු යොදා තිබේ.වත්මන් වෙළෙඳපොළ තත්ත්වය සහ පාරිභෝගික සහන සලකා බලමින් මෙම පියවර ගෙන ඇති බව සමාගමේ සභාපතිවරයා සඳහන් කරයි. මෙම තීරණයත් සමඟ ජනතාවට කිසිදු මිල වැඩිවීමකින් තොරව ඊට අදාළ ගැස් සිලින්ඩර සුපුරුදු පරිදි මිලදී ගැනීමේ හැකියාව හිමිවේ.



























