නව පනත් කෙටුම්පත් දෙකක් අද (06) පාර්ලිමේන්තුවේදී වැඩිමනාපයෙන් සම්මත කර ගැනීමට කටයුතු කර තිබේ. ඒ අනුව, සත්ත්ව (සංශෝධන) පනත් කෙටුම්පත සහ ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩල (සංශෝධන) පනත් කෙටුම්පත මෙලෙස සම්මත විය. මෙම පනත් සඳහා වන විවාදය අද පෙරවරුවේ සිට සන්ධ්‍යාව දක්වා පාර්ලිමේන්තුවේදී පැවැත්විණි.පසුගිය ජූලි මස 21 වන දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ සත්ත්ව සංශෝධන පනත මගින් සතුන් ප්‍රවාහනය කිරීමේ නීති රීති පුළුල් කර ඇත. ඒ යටතේ ගවයන්ට අමතරව ඌරන්, බැටළුවන් සහ එළුවන් ප්‍රවාහනය කිරීමේදීද විශේෂ බලපත්‍ර ලබාගැනීම අනිවාර්ය වන අතර, සතුන්ගෙන් මිනිසුන්ට රෝග පැතිරීම වැළැක්වීම මෙහි මූලික අරමුණ වී තිබේ.එමෙන්ම, ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩල පනත් සංශෝධනය හරහා ආයතනයේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම, ජල සේවා කළමනාකරණය විධිමත් කිරීම සහ මණ්ඩලයේ වගකීම් ක්ෂේත්‍රය පුළුල් කිරීම අපේක්ෂා කෙරේ. මෙමඟින් අදාළ ආයතනවල මෙන්ම සේවා සැපයුම්වල ගුණාත්මක භාවය ඉදිරියේදී තවදුරටත් වර්ධනය වනු ඇත.



























