අන්දමන් මුහුද ආශ්‍රිතව අඩු පීඩන කලාපයක් නිර්මාණය වීමේ අවදානමක්

බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ඇතිවිය හැකි වායුගෝලීය කැළඹිලි ස්වභාවයක් හේතුවෙන් ඉදිරි දින කිහිපය තුළ කාලගුණයේ වෙනස්කම් රැසක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. නොවැම්බර් 11 වනදා පමණ වන විට ගිනිකොනදිග බෙංගාල බොක්ක සහ ඊට ආසන්න අන්දමන් මුහුදු කලාපයේ මෙම තත්ත්වය වර්ධනය විය හැක.​මෙම වායුගෝලීය කැළඹීම නොවැම්බර් 13 වනදා වන විට අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය වී, නොවැම්බර් 15 වන විට පීඩන අවපාතයක් දක්වා තවදුරටත් බලපෑම් සහගත ලෙස තීව්‍ර වීමට ඉඩ ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ උදේනි වීරසිංහ මහත්මිය සඳහන් කළාය.​මේ හේතුවෙන් අදාළ මුහුදු තීරයන්හි ධීවර කටයුතුවල නිරත වන ප්‍රජාවට සහ නාවික ප්‍රජාවට කාලගුණික තත්ත්වය පිළිබඳව දැඩි අවධානයෙන් පසුවන ලෙස දැනුම් දෙනු ලැබේ. මේ අතර, දිවයිනේ බොහෝ ප්‍රදේශවල පස්වරු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාවක් පවතී.

What's your reaction?

Related Posts

1 of 1,413

Leave A Reply

Your email address will not be published. Required fields are marked *