අඹතලේ ජල පවිත්‍රාගාරයේ කටයුතු යළි ඇරඹෙයි

විදුලි බිඳවැටීම හේතුවෙන් අඩාල වී තිබූ අඹතලේ ජල පවිත්‍රාගාරයේ කටයුතු විදුලි සැපයුම යථා තත්ත්වයට පත්වීමත් සමඟ නැවත ආරම්භ කර ඇත.​මේ වන විට පවිත්‍රාගාරයේ සිට ජලය බෙදාහැරීමේ කටයුතු සාමාන්‍ය පරිදි සිදුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය ප්‍රකාශ කරයි.​ජල සැපයුම අත්හිටුවීම හේතුවෙන් පාරිභෝගිකයින්ට මුහුණ දීමට සිදු වූ නොවැළැක්විය හැකි අපහසුතාවයන් පිළිබඳව ජලසම්පාදන මණ්ඩලය සිය කනගාටුව පළ කර සිටියි.

What's your reaction?

Related Posts

1 of 1,383

Leave A Reply

Your email address will not be published. Required fields are marked *