අරගලයට වෙඩි නොතැබූ හේතු පහදමින් ශවේන්ද්‍ර හමුදා සේවයෙන් සමු ගනී

.පුරා වසර 41ක් හමුදා සේවයේ සුවිශේෂී කාර්යභාරයක් ඉටුකළ හිටපු යුද හමුදාපති, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ඊයේ (31) සිය ධුරයෙන් විශ්‍රාම ගනු ලැබීය.ඒ වෙනුවෙන් වූ උත්සවයක් ඊයේ පස්වරුවේ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී පැවැත්වුණි.මේ අතර තමාගේ ධුර කාලය තුළ සිදුවූ සිදුවීම් පිළිබඳව දීර්ඝ පැහැදිලි කිරීමක් කරමින් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා නිවේදනයක් ද නිකුත් කර තිබුණි.එහි සඳහන් කර ඇති එක් කරුණක් වන්නේ 2022 වසරේ රට තුළ හටගත් මහජන කැලඹීම පිළිබඳවය. සැබැ මිතුරන් සහ සතුරන් හඳුනා ගත්තේ 2022 අරගල සමයේ දී බව ඔහු එහි සඳහන් කර තිබිණ.මතු දැක්වෙන්නේ එම ප්‍රකාශය අතුරෙන් ඔහු සේවයේ යෙදී සිටි අවධියේ මෙරට පැවති ජන අරගලය සම්බන්ධයෙන් හෙතෙම කටයුතු කළ ආකාරය පිළිබඳව කළ පැහැදිලි කිරීම ය.උපුටා ගැනීම‘‘වර්ෂ 2022 රට තුළ උදා වන මහජන කැලඹීම මගේ හමුදා රාජකාරී ජීවිතයෙහි මා සැබෑ මිතුරන් සහ සැබෑ හතුරන් ප්‍රායෝගිකව හඳුනා ගන්නා සංකීර්ණ යාමයකි. රාජ්‍ය යුද්ධ හමුදාව යනු බාහිරව හෝ අභ්‍යන්තරව හෝ රාජ්‍යයට සිදු වන උපද්‍රවයක දී ජනතා සුරක්ෂාව සඳහා පෙනී සිටින නිල ලත් සන්නද්ධ මිනිස් බළකායකට ය.මම ජන ඝාතකයකු නොවිමි2022 අරගල යනු අභ්‍යන්තර ජන නොසන්සුන්තාවයකි. එහි දී උද්ඝෝෂකයන් පාලනය කිරීමට හමුදාවට අවම බලය පමණක් භාවිත කිරීමට මම විධාන ලබා දුනිමි. හමුදා වෙඩි උණ්ඩයකින් සාමාන්‍ය අහිංසක වැසියකු මිය යෑම මම නොපැවතුවෙමි. නිරායුද ජනතාවට එරෙහිව නිල බලයෙන් උන්මත්තක ජන ඝාතකයකු වීමට මා උත්සුක වූයේ නැත. එහි ප්‍රතිඵලය රට අපායක් නොවීම ය. එයට උදාහරණ රටට ආසන්න රාජ්‍යවල වර්තමානයෙහි පැන නගින ජන උද්ඝෝෂණ මර්දනය පිණිස හමුදා ක්‍රියාත්මක වීමේ දුර්විපාක පෙන්වා දිය හැකි ය.බල ලෝභී පාලකයන් පවසන පරිදි මට රාජ්‍යය පාවා දීමේ අශ්ලීල දුර්ජන පරමාර්ථයක් නොපැවතුණි. විදෙස් රටක බළල් අතක් වීමට හෝ විදෙස් තානාපති කාර්යාලයක සුරතලකු වීමට හෝ මට පහත් ආශාවල් නොවිණි. එලෙස නම් මා එවකට පාලන බලයේ සිටිය රටේ පස්වන විධායක ජනාධිපතිවරයා ලෙස ද කටයුතූ කළ අග්‍රාමාත්‍යතුමා උද්ඝෝෂකයන් ග්‍රහණයට ගෙන එතුමා ජීවිත අවදානමක පසුවද්දී ගුවන් සංක්‍රමික බළකාය යොදවා මා අග්‍රාමාත්‍යතුමාගේ ජීවිතය සුරක්ෂිතව ගලවා ගන්නේ කුමකට ද? දේශපාලකයන්ගේ ගෙවල් ගිනිබත් කරලීමට පැමිණි උද්ඝෝෂකයන් බහුතර පිරිසක් පලවා හැර එකී ගෙවල් බේරා ගන්නේ කුමකට ද?පාලකයින්ගේ කියවීමඑහෙත් අරගල සමයේ මා සිදු කළ උපායික ක්‍රමෝපා පිළිබඳ රාජ්‍ය පාලකයන්ගේ කියවීම මට අවාසි සහගත විය. තරු හතරක ජෙනරාල්වරයකුව ලංකා හමුදා ඉතිහාසයේ දෙවන හමුදාධිපතිව සේවයේ යෙදී සිටිය මා වර්ෂ 2022 මැයි 31 සේවයෙන් විශ්‍රාම ගැනීමට හත් මසක් ඉතුරුව පැවතිය දී බලධරයන් හමුදාධිපති පදවියෙන් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී පදවියට නිල මාරුවක් සිදු කළේ ය. එයින් පසු ආසන්න කාලයක දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට රාජ්‍යයෙන් පලා යෑමට සිදුවන්නේ ද මා හමුදාධිපති පදවියෙන් සමු ගෙන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී තනතුරේ සිටියදී රාජ්‍ය අවසරය සහිත ව විදෙස් රටක පැවති ජාතික ආරක්ෂක සමුළුවකට සහභාගි වී සිටින සමයක දී ය.වැඩිම පදක්කම් පැලඳි හමුදා නිලධරයාමාගේ විනයධර බව සහ නීති ගරුක බව පිළිබඳ ප්‍රශස්ත සෑහීමකට පත් වන වර්ෂ 2019 සහ වර්ෂ 2022 මෙරට පාලනය කළ රාජ්‍ය නායකයන් මා ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂාව පිළිබඳ නියෝජ්‍ය උපදේශක පදවියට පත් කළේය. එසේම ජාතික ක්‍රීඩා තේරීම් කමිටු සභාපති පදවිය පිරිනැමීමට සහ හරිත කෘෂිකර්ම ජනාධිපති කාර්ය සාධන බළකායේ මෙහෙයුම් ප්‍රධානි නිලය පිළිගැන්වීමට ද පෙලඹිණි.මා හමුදා සේවයෙහි නොකැළැල් හමුදා නිල දරුවකු ව වසර පහළොවක සේවා කාලයක් සමාප්ත කිරීම උදෙසා උරුම වන උත්තම සේවා පදක්කම ද හමුදා සේවයෙහි නිකැළැල් හමුදා නිල දරුවකුව වසර විසි පහක සේවා කාලයක් සමාප්ත කිරීම උදෙසා අතිශය දුලබ ව උරුම වන විශිෂ්ට සේවා විභූෂණ පදක්කම ද සංග්‍රාම භූමියේ දී සිය ජීවිතය ගැන නොතකා ස්වේච්ඡාවෙන් ප්‍රාණ පරිත්‍යාගීව සටන් කිරීම උදෙසා ජීවත්ව සිටින හමුදා නිල දරුවකුට උරුම වන: වීර වික්‍රම විභූෂණ පදක්කම ද, රණ වික්‍රම පදක්කම ද, රණශූර පදක්කම ද, මෙරට යුද්ධ හමුදා නිල දරුවකුට පොදුවේ ලබා ගත හැකි සියලු ම පදක්කම් සහ සම්මාන ද එකී පමණක් පදක්කම් එක් විටකට වැඩි වාර ගණනක දී ද ලබා ගෙන මෙරට ත්‍රිවිධ හමුදාවෙහි ම සිටින සංඛ්‍යාත්මකව විශාලතම පදක්කම් ප්‍රමාණය ළය මත පලඳන ලංකා හමුදා වංශකතාවේ එකම හමුදා නිල දරුවා වීමට ද හමුදා ඉතිහාසයෙහි පරිපූර්ණ වසර 41ක දීර්ඝතම හමුදා සේවා පරිචය නිමා කළ ඓතිහාසික හමුදා නිල දරුවා වීමට ද මා භාග්‍යවන්ත වී ඇත.’’උපුටා ගැනීම අවසන්

What's your reaction?

Related Posts

1 of 465

Leave A Reply

Your email address will not be published. Required fields are marked *