ආරක්ෂිත ඖෂධ තොගයක් පවත්වාගෙන යාමට රජයෙන් තීරණයක්

ආරක්ෂිත ඖෂධ තොගයක් පවත්වාගෙන යාමට රජය තීරණය කර තිබේ.

සෞඛ්‍ය නියෝජ්‍ය ආමාත්‍ය වෛද්‍ය හංසක විජයමුණි මහතා සඳහන් කළේ, ටෙන්ඩර් අවලංගු වීම් හා තත්ත්ව පරීක්ෂණවලින් ඖෂධ තොග ප්‍රතික්ෂේප වැනි කරුණු හේතුවෙන් මෙරට තුළ සිදුවන ඖෂධ හිගය වළක්වා ගැනීම සඳහා එම පියවර ගන්නා බවයි.

ඒ අනුව මාස 06ට ප්‍රමාණවත් වන පරිදි එම ආරක්ෂිත ඖෂධ තොගය පවත්වාගෙන යාමට නියමිත බව ඔහු ප්‍රකාශ කළේ ය.

ඉන්දියාව, පකිස්ථානය, බංග්ලාදේශය, මැලේසියාව අමෙරිකාව වැනි රටවල්වල රජයන් සමග සාකච්ඡා කර සෘජුව එම ඖෂධ මෙරටට ආනයනය කිරීමට නියමිතයි.

වෛද්‍ය හංසක විජයමුණි මහතා පැවසුවේ මෙවැනි ආරක්ෂක ඖෂධ තොගයක් පවත්වාගෙන යාමෙන් වීවෘත වෙළෙඳපොළෙන් ඖෂධ මිලදී ගැනීමට වැයවන අතිරේක මුදල ද අවම කර ගැනීමට හැකිවන බවයි.

ඒ සඳහා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමට සැලසුම් කර ඇති බව ද නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජයමුණි මහතා ප්‍රකාශ කළේ ය.

What's your reaction?

Related Posts

1 of 749

Leave A Reply

Your email address will not be published. Required fields are marked *