පැවැති අයහපත් කාලගුණ තත්ත්වය සහ අධික වර්ෂාව හේතුවෙන් දුම්රිය සංඥා පද්ධතියේ හටගෙන තිබූ තාක්ෂණික දෝෂ සම්පූර්ණයෙන්ම යථා තත්ත්වයට පත්කර ඇති බව ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.සංඥා පද්ධතිය අක්‍රිය වීම නිසා කෙටි වේලාවකට දුම්රිය ගමනාගමනයට බාධා එල්ල වූ අතර, තාක්ෂණික ශිල්පීන් විසින් එය ඉක්මනින් යථා තත්ත්වයට පත් කිරීමට පියවර ගෙන තිබේ.ඒ අනුව මේ වන විට දිවයින පුරා දුම්රිය ධාවන කටයුතු සාමාන්‍ය පරිදි සිදුවන බව දුම්රිය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් තහවුරු කරයි.



























