ඇදුම වැඩි අවදානම ඇති රටවල් දහය අතර ශ්‍රී ලංකාවත්

.ඇදුම අතින් අවදානම අතින් ලෝකයේ අවදානම්ම රටවල් 10 අතර ශ්‍රී ලංකාව සිටී

එය භයානක හා අවධානය යොමු විය යුතු තත්වයකී

ලංකාවේ 1990 සුව සැරිය අතිශයින් ප්‍රයෝජනවත් ඒත් ඕනම ලෙඩකට කතා කිරීමෙන් වැඩක් නෑ.

.හදිසි රෝග තත්වයකදී පමණක් සුව සැරිය භාවිත කරන්න.

හදිසි රෝග තත්වයකදීරෝහලට පැමිණි පසු OPD නොයා ,චැනල් කරමින් කාලය කා නොදා හදිසි ප්‍රතිකාර ඒකකයට යන්න.

2030 වන විට වයස 60 ට වැඩි ජනතාව වැඩියෙන් සිටින රටවල් 05 අතරට ලංකාව පැමිණේ.

හර්දයාබාද ආඝාත හදිසි අනතුරු ආසාදන සංකූලතා ශ්වසන ආබාධ සඳහා හදිසි ප්‍රතිකාර ලබා දිය යුතුය.

ඒ ගැන සිතා සෞඛ්‍ය අමාත්‍යාංශයේ කටයුතු ද මෙහෙයවනු ඇතැයි විශ්වාසය පල කරන බව වෛද්‍ය ඉනූක කියයි.

ඒ වෙනුවෙන් මග පෙන්වීම ලබා දෙමින් ශ්‍රී ලංකා හදිසි ප්‍රතිකාර පිලිබඳ විශේෂඥ වෛද්‍යවරුන් ගේ විද්‍යායතනය ක්‍රියා කරයි.

ඒත් මේවා ගැන සෞඛ්‍ය අමාත්‍යාංශය වඩාත් සංවේදි ව කටයුතු කල යුතුය

. *ශ්‍රී ලංකාවේ හදිසි ප්‍රතිකාර පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනයේ භාණ්ඩාගාරික, හදිසි ප්‍රතිකාර පිළිබඳ විශේෂඥ වෛද්‍ය කමින්ද විජේනායක මහතා

.* හදිසි අනතුරක් සිදුවූ රෝගියෙකුගේ පළමු විනාඩි දහය ප්ලැටිනම් විනාඩි 10 ලෙසත් පළමු පැය රන් පැය ලෙසද හදුන්වයි.රෝගීන් ගලවා ගැනිමට පොකුරු රෝහල් ක්‍රමයක් හඳුන්වා දී තිබේ.

ගෘහාශ්‍රිතව හා ඉන් පිටත පහරදීම් නිසා සිදුවන අනතුරු කෙමෙන් ඉහල යන හා ඉහලින් වාර්තා වන බව පෙනේ.

වැටීම් වලින් සහ මාර්ග අනතුරු වලින් වන අනතුරු ප්‍රධාන හදිසි තත්ව වේ

.අනවශ්‍ය කලබල නොමැතිව රෝගියා ගෙන යන්න.හදිසි අනතුරකින් පසු රෝගියා දොර ලෑල්ලක් වැනි මතුපිටක දිගා කර (සුවසැරිය නොමැති විට) ඉඩ කඩ ඇති වාහනයක රෝහලකට ගෙනයන්න.

නැතිනම් ත්‍රී වීල් වල ගෙන යාමෙන් ඒ රෝගීන්ගේ සුෂුම්නාවට හානි වන අවස්ථාද වාර්තා වේ.

නිවස තරම් සුවදායි තැනක් තවත් නැත.අවශ්‍ය පරීක්ෂණ කර ජිවිත අවදානමක් නැති නම් හැකි ඉක්මනින් රෝගියා නිවසට පිටත් කර හැරීම බලාපොරොත්තුවයි

ශ්‍රී ලංකාවේ රෝහල් වල සනීපාරක්ෂක පහසුකම් හොඳ මට්ටමක නැත..

සාමාන්‍යයෙන් රෝගියෙකු රෝහලකට ඇතුලත් වීමක් සිදුවුවහොත් දිනකට රුපියල් 25 දහසක් වැයවේ

.එය රෝගයේ තීව්‍රතාව මත වැඩි විය හැකිය.

එය රෝගයේ තීව්‍රතාව මත වැඩි විය හැකියලංකාවේ

පළමු ප්ලැටිනම් පළමු විනාඩි 10 හෝ පළමු රන් පැය ගැන මේ දක්වා විධිමත් පර්‍යේෂණ සිදුව නැතැයි වෛද්‍ය කාමින්ද කියයි.

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ දත්ත ඉතා අඩුයි.එන්නත් ගැන ළදරු මරණ ගැන වාර්තා ඇතත් හදිසි ප්‍රතිකාර ගැන දත්ත සංක්යා ලේඛන අඩුයසුව සැරියට අලුත් පහසුකම් හා නව පහසුකම්.දැන් එක් කරමින් පවතියිපාරේ අනතුරකට ලක් වූ අයෙක් පෞද්ගලික වාහනයක ඉක්මනින් ගෙන යාම රටක් වශයෙන් තිබෙන ගැටළු නිසා අධර්‍යමත් වෙමින් පවතී.රෝහලට යමෙක් ගෙන ගිය පසු ඔහුට හෝ ඇයට අනන්ත අනවශ්‍ය කරදර වලට මුහුණ දීමට සිදුවේ

.පොලීසියේ රස්තියාදු වීමෙ සිට ඔවුන්ගේ කාලය විනාස වේ.

*විශේෂඥ වෛද්‍ය තනුජා දර්ශනී,ශ්‍රී ජයවර්ධනපුර රෝහල.*සමබර බව අඩුවිම,පෙනීමේ වෙනස ,මුහුණේ වෙනස,අතක කකුලක දුර්වලතාව ,කතාවේ

වෙනස ආඝාත තත්වයේ පූර්ව ලක්ෂණයි .අතක් පයක් පණ නැතිවීම පමණක් නොවේ.

අංශභාගය මතු වන්නට ප්‍රධාන හේතුව මේ කාලයේ ආතතිය බෙහෙවින් හේතු වන බව පෙනේ.

ආහාර වල අහිතකර බව හා ව්‍යායාම අඩුවීම තවත් හේතුවේ.

අධි රුධිර පීඩනයට ගන්නා ඖෂධ හිතුමතේ නතර කිරීම ලංකාවේ ආඝාත තත්වයන්ට දැඩි සේ හේතු වේ.

මුදල් නැතිකම හෝ නොසැලකිල්ල නිසා ශ්‍රි ලංකාවේ අධි රුධිර පීඩනයට ගන්නා ඖෂධ ගැනීම අත් හැර දැමීම පෙනෙන්නට තිබේ.

ශ්‍රී ලංකාවේ රෝහල් වල ඕනම ලෙඩකට මුල සිටම ප්‍රතිකාර ලබා දිමේ පහසුකම් ඇත.

ඇදුම රොගියෙකු ඉන්හේලර් එක ගත්තත් ඇදුම අඩු නොවේ

නම් වහාම රෝහලට යන්න.ගෙදර වෙන අයගේ ඉන්හේලර් තව කෙනෙකුට දෙන්න එපාඉන් කෙනෙකුට හානි විය හැකිය.

චැනල් සේවයේ අධික මිල රෝගීන්ට ගැටලුවක්.ඒ නිසාම ගෙදර තිබෙන බෙහෙතක් හෝ ෆමසියකින් ගන්නා බව පෙනේ

අධි රුධිර පීඩනයට ගන්නා බෙහෙත් අතරමග නැවැත්වීමට ශ්‍රී ලංකාවේ සමහරුන්ට ආර්ථික සාධකය ගේතුවී තිබේ.

What's your reaction?

Related Posts

1 of 440

Leave A Reply

Your email address will not be published. Required fields are marked *