ඉන්දීය විදේශ ලේකම් වික්‍රම් මිස්රි දිවයිනට

ඉන්දීය විදේශ ලේකම් වික්‍රම් මිස්රි මහතා එක්දින නිල සංචාරයක් සඳහා අද උදෑසන කටුනායක ගුවන්තොටුපළින් දිවයිනට පැමිණියේය. දිවයිනට පැමිණි විදේශ ලේකම්වරයාව ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් විසින් උණුසුම් ලෙස පිළිගනු ලැබීය.​සිය සංචාරය අතරතුරදී ඒ මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් යන මහත්ම මහත්මීන් ඇතුළු රජයේ ඉහළ පෙළේ නියෝජිතයන් හමුවී සාකච්ඡා පැවැත්වීමට නියමිතව ඇත.​මෙම නිල සංචාරය හරහා ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවතින සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගනිමින් ප්‍රධාන ක්ෂේත්‍ර කිහිපයක ද්විපාර්ශ්වික සහයෝගීතාව ඉහළ නංවා ගැනීමට දෙරටම බලාපොරොත්තු වෙයි.

What's your reaction?

Related Posts

1 of 1,271

Leave A Reply

Your email address will not be published. Required fields are marked *