ඔලිම්පික් ක්‍රීඩා උළෙල පැවැත්වෙන වර්ෂය කුමක් වුවත්, ජයග්‍රාහී ක්‍රීඩකයෙකුට ලබා දීමට ප්‍රකාශ කළ රුපියල් මිලියන 100ක මූල්‍ය ත්‍යාගය එලෙසම පිරිනමන බව තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා පවසයි. හෙල්ල විසි කිරීමේ ශූර රුමේෂ් තරංග වෙත නව හෙල්ල කට්ටලයක් ප්රදානය කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. ජයග්‍රහණයකින් පසු ත්‍යාග ගැන සාකච්ඡා කිරීම වෙනුවට, ඕනෑම ජාත්‍යන්තර ජයග්රහණයකදී එම මුදල් ලබා දිය හැකි වන පරිදි කැබිනට් පත්‍රිකා හරහා විධිමත් ප්‍රතිපත්තිමය පසුබිමක් සකස් කර ප්‍රතිපාදන වෙන් කරන බවද ඔහු අවධාරණය කළේය.මීට අමතරව, පාසල් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 1,900කට පමණ මාසිකව රුපියල් 10,000ක දීමනාවක් ලබා දීමට පියවර ගන්නා බවද අමාත්‍යවරයා කියා සිටියේය.එමෙන්ම විශේෂ දක්ෂතා ඇති ක්‍රීඩකයින් පුහුණු කිරීම සඳහා ඉදිරියේදී විදේශීය පුහුණුකරුවන් මෙරටට ගෙන්වීමට සැලසුම් කර ඇති බවත්, 2025 සහ 2026 වසරවලදී ක්‍රීඩකයින්ගේ දක්ෂතා නැංවීමට අමාත්‍යාංශය විශාල වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කර ඇති බවත් හෙතෙම වැඩිදුරටත් පැවසීය.



























