කලා ඔය ද්රෝණියට ඇදහැලුණු අධික වර්ෂාපතනය හේතුවෙන් කලා ඔයේ ජල මට්ටම සීඝ්රයෙන් ඉහළ යමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. මේ වන විට රාජාංගනය ජලාශයේ පිටවාන් දොරටු විවෘත කර තත්ත්පරයට ඝන අඩි 13,200ක පමණ ජල ධාරිතාවක් කලා ඔයට මුදාහරිමින් පවතී.මේ හේතුවෙන් රාජාංගනය, නොච්චියාගම, වනාතවිල්ලුව සහ කරුවලගස්වැව යන ප්රාදේශීය ලේකම් කොට්ඨාසවල පහත්බිම්වලට ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් පවතී. එම ප්රදේශවල පදිංචිකරුවන්ට මෙන්ම මාර්ගවල ගමන් ගන්නා රියදුරන්ටද විමසිලිමත්ව සිටින ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.



























