බලංගොඩ ආනන්ද මෛත්‍රී නාහිමියන්ගේ පරිහරණ භාණ්ඩ හා පතපොත සංරක්ෂණයට පියවර

අතිපූජ්‍ය බලංගොඩ ආනන්ද මෛත්‍රීය මහ නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ භාවිත කළ උපභෝග පරිභෝග භාණ්ඩ සහ පතපොත කඩිනමින් සංරක්ෂණය කිරීමට බුද්ධශාසන හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය තීරණය කර ඇත. අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා ඇතුළු පිරිසක් අදාළ පරිශ්‍රය නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව මෙම තීරණය ගෙන තිබේ.​1992 වසරෙන් පසු කිසිදු ප්‍රතිසංස්කරණයකට ලක් නොවූ උන්වහන්සේගේ කුටි සංකීර්ණය සහ පුස්තකාලය කේන්ද්‍ර කරගනිමින් මෙම සංරක්ෂණ වැඩසටහන ක්‍රියාත්මක වේ. ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවේ තාක්ෂණික කණ්ඩායමක් හරහා පතපොත පරීක්ෂා කර සවිස්තර වාර්තාවක් ලබාගැනීමටද නියමිතය.

What's your reaction?

Related Posts

1 of 1,390

Leave A Reply

Your email address will not be published. Required fields are marked *