කාවන්තිස්ස හස්තියාගේ මරණය ගැන ස්වාධීන පරීක්ෂණයක්

අභාවප්‍රාප්ත වූ කාවන්තිස්ස හස්තියාගේ මරණය සම්බන්ධයෙන් ඉදිරියේදී ස්වාධීන විමර්ශනයක් පැවැත්වීමට කටයුතු කරන බව පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි මහතා පවසයි. කිලිනොච්චිය ප්‍රදේශයේ පැවැති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව තහවුරු කළේය.​සත්වයාට ප්‍රතිකාර කිරීමේදී කිසියම් නොසැලකිලිමත්කමක් සිදුවී ඇත්ද නැතහොත් හිතාමතා හානියක් සිදුකර ඇත්ද යන්න පිළිබඳව මෙම විමර්ශනයේදී අවධානය යොමුකිරීමට නියමිතය. හස්තියා බේරාගැනීමට පශු වෛද්‍යවරුන් දැඩි උත්සාහයක නිරත වුවද එය අසාර්ථක වීම පිළිබඳව පරිසර අමාත්‍යාංශය කනගාටුව පළ කර සිටියි.​මෙම පරීක්ෂණ වාර්තාවෙන් අනාවරණය වන කරුණු මත ඉදිරි නීතිමය හා පරිපාලනමය පියවර ගන්නා අතර, වනජීවී දෙපාර්තමේන්තුව සහ පශු වෛද්‍ය සේවාවන්හි සත්කාරක පද්ධති ඉදිරියේදී තවදුරටත් ශක්තිමත් කිරීමට ද සැලසුම් කර ඇත.

What's your reaction?

Related Posts

1 of 1,384

Leave A Reply

Your email address will not be published. Required fields are marked *