කුරුවිට බන්ධනාගාරයේ නැවතත් නොසන්සුන්තාවක් – දෙදෙනෙකු මරුට

කුරුවිට බන්ධනාගාරය තුළ ඊයේ (06) රාත්‍රියේ හදිසි නොසන්සුන්කාරී තත්ත්වයක් හටගෙන තිබේ. පසුව එම තත්ත්වය පාලනය කිරීමට ආරක්ෂක අංශ පියවර ගෙන තිබුණි.​කෙසේ වෙතත්, අද උදෑසන කාලයේදී රැඳවියන් අතර නැවත වතාවක් නොසන්සුන්තාවයක් හටගෙන ඇති අතර, එහිදී පිරිසක් බන්ධනාගාර රෝහලට ද අලාභහානි සිදුකර ඇති බව වාර්තා වේ.​හටගත් මෙම උණුසුම් තත්ත්වය පාලනය කිරීම සඳහා පොලිසිය විසින් කඳුළු ගෑස් ප්‍රහාරයක් ද එල්ල කර ඇති අතර, දැනට ආරක්ෂක අංශ එක්ව තත්ත්වය පාලනය කිරීමට කටයුතු කරමින් සිටියි.​මෙම සිදුවීමේදී තුවාල ලැබූ රැඳවියන් සිව්දෙනෙකු ප්‍රතිකාර සඳහා රෝහල් ගත කර ඇති අතර දෙදෙනෙකු මියගොස් ඇති බව වැඩබලන බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා ප්‍රකාශ කළේය.

What's your reaction?

Related Posts

1 of 1,275

Leave A Reply

Your email address will not be published. Required fields are marked *