නර්තන හා රංගකලා පීඨයට සිසුන් 1500ක් පමන ලියාපදිංචි ඇතත් ඉඩ පහසුකම් ඇත්තේ සිසුන් 900 වැනි ප්‍රමාණයකට බවත් මේ ඉඩපාඩු කම මදිනිසා අනෙකුත් සිසුන්ට අධ්‍යන කටයුතු කරගෙන යෑමට අවස්තාව නොමැතිවී ඇති බවත් උද්ඝෝෂකයන් ප්‍රකාශ කර සිටිනවා.
2021 දී සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ සතුවව තිබුණු කොහුවල පරිශ්‍රය ජයවර්ධන විශ්ව විද්‍යාලය විසින් නැවත ලබා ගැනීම සමග මෙම ප්‍රශ්නය උග්‍ර වූ බව නර්තන හා නාට්‍ය කලා ශිෂ්‍ය සංගමයේ සභාපති සුපුන් තාරක මාධ්‍ය අමතමින් ප්‍රකාශ කරා.
මේ වන විට අධ්‍යයන කටයුතු නතර කිරීමේ තත්වෙට පවා පැමින ඇති බැවින් ජනාධිපති අගමැති උසස් අධ්‍යාපනා ඇමති මැදිහත්ව කඩීනමින් විසඳුම් ලබාදෙන ලෙස උද්ඝෝෂකයන් ඉල්ලා සිටිනවා…..