කොළඹ හදිසි ජලගැලීම්වලට හේතුව 129mmක අධික වර්ෂාපතනයයි – නගරාධිපතිනිය පවසයි

ඊයේ දිනයේ කොළඹ නගරයට ඇදහැළුණු අධික වර්ෂාපතනය හේතුවෙන් නගරයේ ප්‍රදේශ කිහිපයක හදිසි ජලගැලීම් තත්ත්වයක් හටගත් බව කොළඹ නගරාධිපතිනිය ප්‍රකාශ කළාය.​සාමාන්‍යයෙන් මිලිමීටර් 30ක පමණ වැසි ජලය බැසයාමට සකසා ඇති කොළඹ කාණු පද්ධතියට ඊයේ දිනයේ මිලිමීටර් 129ක අධික වර්ෂාපතනයක් ලැබීම නිසා මෙම පීඩනය හටගෙන ඇති බව ඇය පෙන්වා දුන්නාය.​කෙසේ වෙතත්, වර්තමානය වන විට පීඩාවට පත් ජනතාවට අවශ්‍ය සහන සැලසීම සඳහා අදාළ සියලු බලධාරීන් එක්ව කඩිනමින් කටයුතු කරමින් සිටින බවද නගරාධිපතිනිය වැඩිදුරටත් සඳහන් කළාය.

What's your reaction?

Related Posts

1 of 1,412

Leave A Reply

Your email address will not be published. Required fields are marked *