පවතින ගංවතුර තත්ත්වය හමුවේ මධ්‍යම, සබරගමුව, බස්නාහිර සහ දකුණ යන පළාත්වල මී උණ, පාචනය, ඩෙංගු සහ බෝවන සෙංගමාලය ඇතුළු රෝග පැතිර යාමේ ඉහළ අවදානමක් පවතින බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය අනතුරු අඟවයි. එම සංගමයේ ප්‍රධාන ලේකම් චමිල් මුතුකුඩ මහතා පෙන්වා දෙන්නේ පවතින ආපදා තත්ත්වයත් සමඟ සෞඛ්‍යාරක්ෂිත පිළිවෙත් අනුගමනය කිරීම ඉතා වැදගත් වන බවයි.විශේෂයෙන්ම එක්රැස් වී ඇති අපිරිසුදු ජලයේ දියනෑම සහ සෙල්ලම් කිරීම හේතුවෙන් කුඩා දරුවන් අතර විවිධ සමේ කුෂ්ඨ රෝග පැතිර යාමේ තර්ජනයක් ද මතුව ඇත. එබැවින් ජලයෙන් බෝවන මෙවැනි රෝගවලින් ආරක්ෂා වීමට අවශ්‍ය පූර්වාරක්ෂිත පියවර ගන්නා ලෙස මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ජනතාවගෙන් ඉල්ලා සිටී.



























