අද රටෙ ඇත්තේ ජනතා ජිවත් කරන්න බැරි යුගයක් හා ආණ්ඩුවක් බවත් ගොවියාට වී විකුන ගන්න බැ වගෙම ජනතවට දරාගක හැකි මිලකට පොල් සහල් ලුණු ගන්න බැරි බවත් අත්‍යාවශ්‍ය ආහාර ගන්න බැරි රජයක් ජනතාව ජීවත් කරවන්නේ කෙසේද කියා ගැටලුවක් ඇති බවත් ආණ්ඩුවේ ඉන්න අය එදා විපක්ෂයේ සිටින විට වීවලට 150ක සහතික මිලක් දෙනවා කිව්වත් අද ඒ අයම කුඹුරට ගොස් ගොවියා හමුවන්න බය වී ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද අවිස්සාවේල්ලේ පැවැති ජනහමුවක් අමතමිනි.
මෙවැනි බොරුව රැවටීම ජනතාව නන්න්තාර කිරීම යන පුරුද්ද තුළ අද ජන සමාජය අනාථ වී ඇති බවත් අද රාජ්‍ය සේවකයන් හිතුමතේ මාරු කර ඔවුන්ට ගැතිකම් දක්වන අය ආරක්ෂා කරන බවත් මෙරට ජනතාව අනාථ කරන රාජ්‍ය ප්‍රතිපත්තිවලට විරුද්ධව නැගී සිටිනව පමණක් නොව අගතියට අසහනයට හා දේශපාලන පළිගැනීම්වලට ලක්වන අයගේ දුකට පිහිටුවන වැඩසටහනක් සමගි ජන බලවේගය ක්‍රියාත්මක කරන බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.
රටේ බහුතරයක් ණය බරින් මිරිකිලා
අද බහුතරයත් ජනතාව ණය බරින් තෙරපී මිරිකී ඇති බවත් හොදට ජීවත් වු ජනතාවගේ ජන ජීවිත කුඩා වී අඩුවෙන් නිෂ්පාදණය පාරිභෝජන හා ආයෝජනය කරන බවත් ගොවියා රත්රං උකස් කර ගොවිතැනේ නියැලුනත් පොහොර හා ස්ථාවර මිලක් නොමැති බවත් මේ නිසා ණය විෂහ චක්‍රයේ සදාකාලික හිරකරුවන් වී ඇති බවත් සමුපකාර ක්ෂේත්‍රයෙන් ණය ගැනීම වැඩිවී ඇති බවත් ආදායම් මාර්ග නොමැති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
රජයට ජනතාවගේ දුක අහන්න වෙලාවක් නැති වුනාට ජනතා ගැටලු වෙනුවෙන් විපක්ෂ නායක කාර්යාලය විවෘතයි
පසුගිය දිනක ජනාධිපති ලේකම් කාර්යාලයට ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් ගියත් ඔවුනට විසදුම් නොමැති බවත් ජනතාව ජනවරමක් දුන්නේ පෙළපාළි යන්න නොවන බවත් තුනෙන් දෙකක් දුන්නේ සේවාවක් ඉටු කිරීමට බවත් පැවසු විපක්ෂ නායකවරයා කියා සිටියේ තමාගේ විපක්ෂ නායක කාර්යාලය දුක් විදින ජනතාවට විවෘත බවත් මහජන සභා කාර්යාලයක් බවට පරිවර්තනය කර විසදුම් සපයන වැඩපිළිවෙලක් ආරම්භ කරන බවත් හඩක් නොමැති අයට හඩක් ලබා දෙන බවත්ය.