”ජනතාවට එපා වෙලා තියෙන්නේ මේ ගෙබි දේශපාලනයයි”

අපේ රටේ ජනතාවගේ විරෝධය ඇත්තේ මේ ගෙබි දේශපාලනය බවත් රනිල් වික්‍රමසිංහට කුඩා කණ්ඩායම් එකතු වුනාට ජනතාව සිටින්නේ ජාතික ජනබලවේගය සමඟ බව ජාතික ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක පවසනවා.

ඔහු මේ බව පැවසුවේ අද (17) පෙරවරුවේ බම්බලපිටිය ශ්‍රී මානික්ක විනායගර් හිංදු කෝවිලට පැමිණ ආගමික වතාවත්වල නිරත වී ආශිර්වාද ලබා ගැනීමේන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පල කරමින්.

එහිදී ඔහු කියා සිටියේ ඇතැම් පිරිස් ජාතික ජනබලවේගය බලයට ආවොත් මෙරට සංස්කෘතිය බිඳ වටිටන බව පැවසුව ද සැබැවින්ම එය සිදු කරන්නේ මෙරට පාලකයින් විසින්ය.

රටට අවශ්‍ය වන්නේ ප්‍රතිපත්ති ගරුක දේශපාලනයක් බව ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක වැඩිදුරටත් කියා සිටියා.

ජාතික ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා අද පෙරවරුවේ බම්බලපිටිය ශ්‍රී මානික්ක විනායගර් හිංදු කෝවිලට පැමිණ ආගමික වතාවත්වල නිරත වී ආශිර්වාද ලබා ගැනීමෙන් අනතුරුව අනුර කුමාර දිසානායක මහතා වැල්ලවත්ත පිහිටි ශ්‍රී ලංකා අමරපුර මහා නිකායික සංඝ සභා කාර්යාලයට පැමිණ අමරපුර මහ සංඝ සභාවේ මහනායක හිමිවරුන් බැහදැක ආශිර්වාද ලබා ගැනීමට කටයුතු කළා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *