තමන් මහ මැතිවරණයට තරග නොකරන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි අජිත් මාන්නප්පෙරුම ප්‍රකාශ කළා.

ගම්පහ දිස්ත්‍රික්කයෙන් සමගි ජන බලවේගය යටතේ නාම යෝජනා භාරදුන් තමන් මහ මැතිවරණයට තරග නොකරන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි අජිත් මාන්නප්පෙරුම ප්‍රකාශ කළා.

ඒ කොළඹදී අද (12) ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැදවමින්.

එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ තමා ගම්පහ ආසනයේ අවුරුදු විස්සක පමණ සිට සංවිධායකවරයා වශයෙන් කටයුතු කළ නමුත් මෙවර ඡන්දය ඉල්ලීමෙන් වැළකී සිටින්නට තීරණය කළ බවයි.

එමෙන්ම තමා සමගි ජන බලවේගයත් එක්ක තවදුරටත් ක්‍රියා කිරීමට අකමැති බවද ඔහු මෙහිදී සඳහන් කර තිබෙනවා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අජිත් මාන්නප්පෙරුම,
”සජිත් ප්‍රේමදාස අපේ පක්ෂේ නායකයා ගැන දැඩි ලෙස කලකිරිලා කතා කරන්නේ. පළාත් සභා මන්ත්‍රීවරයෙක් වශයෙන් අවුරුදු හතරක් ආසන සංවිධායකවරයා වශයෙන් කටයුතු කළා. ගම්පහ. ඒ වගේම පාර්ලිමේන්තුවේ අවුරුදු දොළහක් ගම්පහ ආසනයේ සංවිධායකවරයා වශයෙන් කටයුතු කළා. නමුත් මම අත්සන් කරලා ගෙදර ඇවිල්ලා පැය විසි හතරක් යන කොට මගේ ආසන සංවිධායක ධුරය සජිත් ප්‍රේමදාසට වැඩ කරපු නැති එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් රනිල් වික්‍රමසිංහගේ මැතිවරණයට වැඩ කරපු පුද්ගලයෙකුට දීලා.. ඒක මං දැඩි ලෙස කලකිරීමට හේතු වුණා. මට විශ්වාස කරන්න බැරි වුණා. නායකයෙක් වුණාම මට කතා කරලා මේ වෙනස කරන්න ඕනි. ඒ හින්දා මේ බයේ බියගුළුව හැංඟෙන, ප්‍රශ්නෙකට මුහුණ දෙන්න බැරි, නායකයෙක් වෙනුවෙන් තවදුරටත් වැඩ කරන්න බැහැයි කියන එක, මම තීරණය කළා. ඒ නිසා මම මැතිවරණ සටනෙන් ඉවත් වෙනවා කියලා තීරණය කළා. ඒ වගේම මම සියලු ජනතාවට කියනවා මම පසුගිය මැතිවරණයේදී සජිත් ප්‍රේමදාස මැතිතුමා ජයග්‍රහණය කරවීම සඳහා දැඩි ලෙස කැපවෙලා වැඩ කරා. ගම්පහ ආසනයේ ඡන්ද ප්‍රමාණය කලින් මැතිවරණයට වඩා පන්දාහකින් ඉදිරියට ගෙනාවා. නමුත් මම කණගාටු වෙනවා මෙවැනි බයගුළු ලෙස හැංගිලා යට ඉඳන් කුමන්ත්‍රණය කරන කතා කරද්දි බුදුහාමුදුරුවෝ වගේ කතා කරන, දේවදත්තයා වගේ ක්‍රියාකරන පුද්ගලයෙක් නායකයෙක් කරවීමට උත්සාහ කිරීම ගැන මං දැඩි ලෙස කම්පා වෙනවා

What's your reaction?

Related Posts

1 of 311

Leave A Reply

Your email address will not be published. Required fields are marked *