ශ්‍රී ලංකා මහ බැංකුව විසින් බැංකු පනත උල්ලංඝනය කරමින් පවත්වාගෙන යනු ලබන නීතිවිරෝධී පිරමිඩ යෝජනා ක්‍රම සහ ජංගම යෙදුම් කිහිපයක් පිළිබඳව සමස්ත මහජනතාව වෙත විශේෂ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර ඇත.සිදුකරන ලද දීර්ඝ විමර්ශනවලදී ‘TM App’ ඇතුළු යෙදුම් කිහිපයක් මෙලෙස නීතිවිරෝධී ලෙස කටයුතු කරන බවට හඳුනාගෙන තිබේ. මීට අමතරව ‘Tiens Lanka’, ‘Best Life’, ‘OnmaxDT’ සහ ‘MTFE’ වැනි පෙර සිටම සමාජයේ දැඩි කතාබහට ලක්වූ ආයතන රැසක් ද තහනම් කරන ලද පිරමිඩ යෝජනා ක්‍රම ලැයිස්තුවට ඇතුළත්ව ඇත.නව සාමාජිකයන් එකතු කරගැනීම මත පමණක් පදනම්ව යථාර්ථවාදී නොවන අධික ප්‍රතිලාභ පොරොන්දු වන මෙවැනි මූල්‍ය වංචාවලට නොරැවටෙන ලෙස මහ බැංකුව අවධාරණය කරයි. එමෙන්ම, ඕනෑම ආයතනයක මුදල් ආයෝජනය කිරීමට ප්‍රථම එහි නීත්‍යානුකූලභාවය පිළිබඳව නිසි ලෙස තහවුරු කරගන්නා ලෙසද එම ආයතනය ජනතාවගෙන් ඉල්ලා සිටී.



























