දිස්ත්‍රික් කිහිපයකට නායයෑම් අනතුරු ඇඟවීම් දීර්ඝ කෙරේ

පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් දිස්ත්‍රික්ක කිහිපයක් සඳහා නිකුත් කර තිබූ නායයෑම් අනතුරු ඇඟවීමේ නිවේදනය හෙට (27) පස්වරු 04.00 දක්වා දීර්ඝ කර තිබේ. ඒ අනුව මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයක් සඳහා මට්ටම 3 (ඉවත් වීමේ) රතු නිවේදන තවදුරටත් ක්‍රියාත්මක වන අතර, ගාල්ල, කෑගල්ල, රත්නපුර, කොළඹ, කළුතර සහ මාතර යන දිස්ත්‍රික්කවල ප්‍රදේශ රැසක් සඳහා මට්ටම 2 සහ 1 යටතේ අවධානයෙන් හා විමසිලිමත්ව සිටින ලෙස ජනතාවට දැනුම් දී ඇත.

What's your reaction?

Related Posts

1 of 1,350

Leave A Reply

Your email address will not be published. Required fields are marked *