ඊසානදිග මෝසම් තත්ත්වය ශ්‍රී ලංකාව පුරා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතින බැවින් අද දිනයේ දිස්ත්‍රික්ක කිහිපයකට වැසි අපේක්ෂා කෙරේ. අද රාත්‍රියේ සිට උතුරු, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වල වැසි තත්ත්වය වැඩි වනු ඇතැයි අපේක්ෂා කෙරේ. උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වල විටින් විට වැසි ඇතිවේ. මීට අමතරව, මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවල මිලිමීටර් 50ට වැඩි තරමක තද වැසි ඇතිවීමට ඉඩ තිබේ. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප.ව. 1.00 න් පසු ස්ථාන කිහිපයක ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය. ගිගුරුම් සහිත වැසි ඇතිවන අවස්ථාවලදී තාවකාලික තද සුළං හා අකුණු මඟින් සිදුවන හානි අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටී. මේ අතර, පුත්තලම සිට කන්කසන්තුරය හරහා ත්‍රිකුණාමලය දක්වාත්, කොළඹ සිට පොතුවිල් දක්වාත් වන මුහුදු ප්‍රදේශවල සුළං වේගය විටින් විට පැ.කි.මී. 50 දක්වා වැඩි විය හැක. දිවයින වටා වන අනෙකුත් මුහුදු ප්‍රදේශ තරමක් රළු විය හැකි අතර, සෙසු මුහුදු ප්‍රදේශ සාමාන්‍ය ස්වභාවයෙන් යුක්ත වනු ඇත.


























