පවතින හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක පහක ජනතාව දැඩි ලෙස පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි. එහි මාධ්‍ය ප්‍රකාශක ප්‍රදීප් කොඩිප්පිලි මහතා පවසන්නේ මෙම අහිතකර කාලගුණික තත්ත්වය මත ජීවිත හානි කිහිපයක් ද වාර්තා වී ඇති බවයි.ඒ අනුව, මේ දක්වා වාර්තා වී ඇති දත්තවලට අනුව ආපදා හේතුවෙන් පුද්ගල මරණ 5ක් සිදුව තිබෙන අතර තවත් දෙදෙනෙකු අතුරුදන්ව තිබේ. ඔවුන් සෙවීමේ සහ ආරක්ෂා කිරීමේ මෙහෙයුම් අදාළ අංශ විසින් අඛණ්ඩව සිදුකරමින් පවතී.විපතට පත් වූවන් ආරක්ෂා කර ගැනීම සඳහා ප්‍රදේශයේ ආරක්ෂිත මධ්‍යස්ථාන 9ක් මේ වන විට ස්ථාපිත කර ඇත. එම ස්ථාන තුළ අවතැන් වූ පුද්ගලයින් 1,881 දෙනෙකු පමණ තාවකාලිකව රඳවා සිටින අතර, ඔවුන්ට අවශ්‍ය සහන සැලසීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කර තිබේ.



























