දිගින් දිගටම පවතින වැසි සහිත කාලගුණයත් සමඟ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් දිස්ත්රික්ක කිහිපයක් සඳහා නායයෑම් පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ. මෙම නිවේදනය අද රාත්රී 10:00 දක්වා බලාත්මක වේ.ඒ අනුව මහනුවර, නුවරඑළිය සහ රත්නපුර යන දිස්ත්රික්කවල ඇතැම් ප්රදේශ සඳහා මට්ටම 2 (අවධානය) යටතේ නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති අතර, ඌව සහ සබරගමුව ඇතුළු තවත් දිස්ත්රික්ක කිහිපයක ප්රදේශ සඳහා මට්ටම 1 (විමසිලිමත් වන්න) යටතේ අනතුරු ඇඟවීම් සිදු කර ඇත.පස් කඩා වැටීම් සහ ගල් පෙරළීම් වැනි අවදානම් තත්ත්වයන් පිළිබඳව නිරන්තරයෙන් අවධානයෙන් පසුවන ලෙසත්, හදිසි අවස්ථාවකදී ආරක්ෂිත ස්ථාන වෙත ඉවත් වන ලෙසත් අදාළ ප්රදේශවල පදිංචිකරුවන්ට හා රියදුරන්ට දැඩි ලෙස උපදෙස් දී තිබේ.



























