නොරොච්චෝලේ විදුලි උත්පාදනය යළි ඇරඹේ

පසුගිය දිනවල ඇති වූ හදිසි බිඳවැටීම හේතුවෙන් අඩාල වී තිබූ නොරොච්චෝලේ ලක්විජය විදුලි බලාගාරයේ විදුලි උත්පාදන කටයුතු අද (22) සිට යළි ආරම්භ කිරීමට හැකි වී තිබේ.​පසුගිය සෙනසුරාදා සිදු වූ ජාතික විදුලි පද්ධතියේ හදිසි බිඳවැටීමත් සමඟ නොරොච්චෝලේ පළමු ජනන යන්ත්‍රයේ ධාරිතාව දැඩි ලෙස පහළ ගිය අතර, දැනටමත් නඩත්තු කටයුතු සඳහා තවත් ජනන යන්ත්‍ර දෙකක් අක්‍රිය කර තිබීම නිසා දිවයින පුරා විදුලි කප්පාදුවක් ක්‍රියාත්මක කිරීමට සිදු විය.​කෙසේ වෙතත්, බලාගාරය යළි ක්‍රියාත්මක වීමත් සමඟ හෙට දිනයේ සිට කිසිදු විදුලි කප්පාදුවක් සිදුකිරීමේ අවශ්‍යතාවක් නොමැති බව ජාතික පද්ධති මෙහෙයුම් සමාගම තහවුරු කරයි.

What's your reaction?

Related Posts

1 of 1,390

Leave A Reply

Your email address will not be published. Required fields are marked *