නව චීන තානාපති සහ හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන අතර හමුවක්

ශ්‍රී ලංකාවේ නව චීන තානාපති Wei Huaxiang සහ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර විශේෂ හමුවක් හිටපු ජනාධිපතිවරයාගේ නිල නිවසේදී පවත්වා තිබේ.​දෙරට අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය සහ සහයෝගීතාව තවදුරටත් වර්ධනය කර ගැනීම මෙම සාකච්ඡාවේ ප්‍රධාන අරමුණ විය. එහිදී ශ්‍රී ලංකාවේ වත්මන් තත්ත්වය සහ ගෝලීය සංවර්ධන ප්‍රවණතා පිළිබඳවත් අදහස් හුවමාරු වී ඇත. තවද, තම ජනාධිපති සමයේ චීනය සමඟ පවත්වන ලද සමීප රාජ්‍යතාන්ත්‍රික අත්දැකීම් හිටපු ජනපතිවරයා මෙහිදී සිහිපත් කර ඇති අතර, ඉදිරියටත් දෙරටේ මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් වනු ඇතැයි අපේක්ෂා කරන බව ප්‍රකාශ කර තිබේ.

What's your reaction?

Related Posts

1 of 1,348

Leave A Reply

Your email address will not be published. Required fields are marked *