ශ්‍රී ලංකා යුද හමුදාවේ 26 වැනි යුද හමුදාපතිවරයා ලෙස පත්වූ ලුතිනන් ජෙනරාල් නිලන්ත ප්‍රේමරත්න මහතා අද (05) ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවිය. නව තනතුරේ වැඩ භාරගැනීමෙන් අනතුරුව රාජ්‍ය නායකයා හමුවීමේ සාම්ප්‍රදායික චාරිත්‍රයට අනුකූලව මෙම නිල හමුව පැවැත්විණි.මෙම අවස්ථාවේදී ජනාධිපතිවරයා සහ නව යුද හමුදාපතිවරයා අතර සමරු තිළිණ හුවමාරුවක් ද සිදු වූ අතර, සිය නව ධුරයේ කටයුතු සාර්ථකව පවත්වාගෙන යාම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ලුතිනන් ජෙනරාල් නිලන්ත ප්‍රේමරත්න මහතා වෙත සිය උණුසුම් සුබ පැතුම් පිරිනමන ලදී.



























